ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇත. මිට අමතරව කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්, රත්නපුරයෙන් 31ක්, මාතර 28ක්, කළුතරින් 20ක්, මඩකලපුවෙන් 19ක්, කුරුණෑගල හා මාතලෙන් 11ක්, ත්රිකුණාමලය 8ක්, ගාල්ලෙන් හා අනුරාධපුරයෙන් 5ක්, මොනරාගල 4ක්, නුවරඑළියෙන් 3ක්, පොළොන්නරුව හා අම්පාරින් දෙදෙනෙක් හා යාපනයෙන් හා මුලතිව් යන දිස්ත්රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 59 දෙනෙක් වාර්තා වී ඇත. සීදුව ප්රදේශයෙන් 09ක්, කඩවත 06ක්, කිරිබත්ගොඩ 08ක්, මීගමුව 05ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත/
ඊයේ දිනය අවසානය වන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 47,839ක් වන අතර 40,837ක් පූර්ණ සුවය ලබා තිබේ.