Business is booming.

මස්කෙලිය ප්‍රදේශයේ තරුණයෙක් අතුරුදහන්

හැටන් - රංජිත් රාජපක්ෂ

0 251

මස්කෙලිය ප්‍රදේශයේ තරුණයෙක් ඊයේ (19) රාත්‍රියේ සිට අතුරුදහන්ව බවට වාර්තාවේ.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ මස්කෙලිය තැපැල් කාර්යාලය අසල පදිංචි පැතුම් මදුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඊයේ රාත්‍රියේ එම තරුණයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එම දුරකථන ඇමතුමෙන් පසු නිවසින් පිට ව ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි බවයි අතුරුදහන්ව සිටින තරුණයාගේ පියා ප්‍රකාශ කරයි.

අතුරුදහන්ව සිටින තරුණයාගේ බවට සැකකරන පාවහන් යුවලෙන් එක් පාවහනක් මවුස්සාකැලේ ජලාශයේ අසල තිබි එම තරුණයාගේ ඥාතින් විසින් අද (20) හදුනාගැනිමත් සමග අතුරුදහන් වි සිටින තරුණයා සොයා මවසුසාකැලේ ජලාශයේ මස්කෙලිය පොලිසිය හා ධිවරයන් එම ජලාශයේ මෙහෙයුමක්ද දියත් කර ඇත.

මෙම තරුණා පිලිබදව තොරතුරක් වෙතොත් මස්කෙලිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස අතුරුදහන්ව සිටින තරුණයාගේ ඥාතින් ඉල්ලා සිටියි.

Comments
Loading...