Business is booming.

මන්නයකින් පහර දී පුතකු විසින් පියා මරා දමයි

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 142

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පීල්ලබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කරණ ලද පුද්ගලයෙකුගේ මළසිරුරක් සියඹලාණ්ඩුව විසින් සොයා ගනී.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පස් දරු පියෙකු වන අවුරුදු 96ක් වන ඩී.ජී. කොරනේරිස් නැමැත්තෙකු බව පොලීසිය ප්‍රකාශ කරයි. 

මෙලෙස ඝාතනය සිදු කර ඇත්තේ මියගොස් ඇති පුද්ගලයාගේම එක් පුත්‍රයෙකු විසින් බව පොලීසිය පවසයි.

මෙම සැකකරු අධික බීමතින් පැමිණ සිය බිරිඳට හා දරුවන්ට මන්නයෙන් පහරදෙන අවස්ථාවේ ඔවුන් පැනගොස් සැගව ඇති අතර මේ වන විට අදාල සැකකාර පුත්‍රයා සියඹලාණ්ඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 48 ක් වන අයෙක් වන අතර ඔහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (10) දින සිදු කිරීමට නියමිතයි. 
 

Comments
Loading...