මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා ගමන් ගත් මාර්ගයක නාවලපිටිය ප්‍රදේශවාසින් පිරිසක් අද (01) විරෝධතාවයක නියැලුණා.
ඔවුන් මෙලෙස විරෝධතාවයක නියැලුනේ තම ගම්මානයට පිවිසෙන සමනලගම මාර්ගය 2002 වසරෙන් පසු කිසිදු ප්රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, දැනට එම මාර්ගය දැඩිව අබලන්ව තිබිම නිසා තම ගම්මානයේ වැසියන් විවිධ දුෂ්කරතාවලට පත් වි ඇති බවත් පවසමිනුයි.
වැවේ ප්රතිසංස්කරන කිරිමේ උත්සවයට සහභාගි වෙමින් සිටි මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා විරෝධතාවයේ නියැලි සිටි සමනලගම, බව්වාගම ඇතුළු ප්‍රදේශවාසින් හමුවට පැමිණ පවසා සිටියේ තමන් මෙම මාර්ගයේ අබලන්ව තිබිම සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවත්, මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ලිඛිත ඉල්ලිමක් කරන්නේ නම් ඒ පිලිබදව තමන් කඩිනමින් කටයුතු කරන බවයි.
මෙහිදි ආණ්ඩුකාරවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ අවධානය යොමු කිරිම සදහා ප්‍රදේශවාසින් දැක් වු විරෝධතාවට පිලිබදව කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.