මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජිවිතයට මෙන්ම එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වී තිබෙනවා.
අලුයම් කාලයේ සිට රාත්‍රි කාලය තෙක්ම මෙම අධික සිතල කාලගුණ තත්ත්වය පවතින අතර පවතින අධික සිතල කාලගුණ තත්ත්වයත් සමග තේ වගාවට මෙන්ම එළවළු වගාවටද බලපැමක් එල්ල වී ඇති බවයි වතු අධිකාරිවරුන් සහ එළවළු ගොවීන් පවසන්නේ.
අධික සිතල හේතුවෙන් තේ ගස් පිළිස්සී යන බවයි වතු අධිකාරිවරුන් වැඩිදුරටත් කියා සිටියේ.
පවතින අධික සිතල කාලගුණ තත්ත්වය හමුවේ වැවෙන සිමීත තේ දළු ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන තේ කොළ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද වතු අධිකාරිවරුන් පවසනවා.
පවතින අධික සිතල කාලගුණ තත්ත්වය ඉදිරියේදි මල්තුහින පතිත විම දක්වා වර්ධනය විය හැකි බවයි එළවළු වගා කරන ගොවින් පවසන්නේ.