මධ්‍යම සහ ඌව පළාත් හා මඩකලපුව, අම්පාර, පොලොන්නරුව දිස්ත්‍රීක් වල තද වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඉහත දැක්වූ ඇතැම් ප්‍රදේශයන්හි වැසි තත්වය මි.මී 100 වඩා ඉහල තත්වයක් කරා ගමන් කර හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තරමක් තද සුලං ද ඇතිවිය හැකි අතර අකුණු මඟින් ඇතිවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අනතුරු හඟවයි.
මෙහිදී අද උදෑසන 5.30 වන විටත් නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාකාරී වළාකුලු පද්ධතියක් වර්ධනය වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රීක්කයේ මි.මී 100ට වැඩි වැසි ඇතැම් ස්ථාන වලින් වාර්තා වේ.
මෙම තත්වය ඉදිරි පැය කිහිපය තුළද පවතින බවට බලාපොරොත්තු විය හැකිය.