ශ්‍රී ලංකාවෙන් මත් උවදුර තුරන් කිරීම වෙනුවෙන් ජනපතිතුමන්ගේ උපදෙස් මත අද සිට 28 වන දින දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක කරනු ලබයි.
මුලතිව් මුල්ලියවලෛ මහා විද්‍යාලයේදී ජනපතිතුමා අතින් මෙම මත් නිවාරණ සතිය ඇරඹීමේ කටයුතු ආරම්බ විය.
මෙම වැඩසටහනට සමඟාමීව මහනුවර සියළු පාසල් මෙම සතිය ඇරඹීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුධහමුදාවේ මධ්‍යම ආඥාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ ආදීනව සඳහන් පොස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම් කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකි විය.