Business is booming.

මතට එරෙහිව ළමුන් පාරට

හැටන් - රංජිත් රාජපක්ෂ

0 278

මත්ද්‍රව්‍යය නිවාරණය  පිලිබදව ජනතාව දැනුවත් කිරිම සදහා නාවලපිටිය රඹුක්පිටිය මුස්ලිම් පාසලේ  ළමුන්ගේ සහභාගිත්වයෙන් මත් ද්‍රව්‍යය නිවාරණය පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ (28) සිදු විය.

මතින් නිදහස් රටක් සංකල්පය යටතේ ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ පාසල් සතියට සමගාමිව නාවලපිටිය පොලිසිය මගින් මෙම මෙම දැනුවත් කිරිමේ සටහන සංවිධානය කර තිබුණා.

මත්ද්‍රව්‍යය භාවිතයෙන් සිදු වන ඵල විපාක පිලිබදව පොස්ටර් ප්‍රදර්ශනය කරමින් එම පාසලේ සිසු සිසුවියන් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් ප්‍රදේශවාසින් සහ ප්‍රධාන මාර්ගයේ රථ වාහනවලින් ගමන් ගන්නා මගින්ට අත්පත්‍රිකා දැනුවත් කිරිමට පියවර ගනු ලැබුවා.

 

Comments
Loading...