බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සැගවි සිටි 38 හැවිරිදි විවාහකයෙකු වසර දෙකකට පසු නාඋල පොලිසියට කොටුවෙයි
මාතලේ - ඉන්දික අරුණ කුමාර
අවුරැදු 14 ක පාසැල් දැරියක් පැහැරගෙන ගොස් වසර දෙකක් අඹු සැමියන් ලෙස ජීවත්වු 38 හැවිරිදි විවාහකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සැගව සිටිය දි වසර දෙකකට පසු ඊයේ (20) කුලියාපිටිය – පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
2017 – 02 – 07 වන දින දැරිය පාසල් යන අවස්ථාවේ සැකකරු විසින් ඇය පැහැරගෙන ඇති බවට ඇගේ මව් පියන් විසින් නාඋල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් පොලිස් පරික්ෂන ආරම්භ කර තිබේ.
සැකකරැ ඊයේ (21) නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර දැරිය දඹුල්ල අධධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කරයි.