පුත්තලම, සිරම්බිඅඩිය ප්රදේශයේදී මන්නාරමේ සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි මගී ප්රවාහන බස් රථයක් වන අලියකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරෙන් වන අලියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි. එසේම අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවද පුත්තලම රථ වාහන පොලීසිය පවසනවා.
අදාළ බස් රථය අධික වේගයෙන් ධාවනය වීමත් සමඟ ප්රධාන මාර්ගය හරහා සෙල්ලකන්ද රක්ෂිතය දෙසට පාර මාරවෙමින් සිටි වන අලියකු මෙලෙස අනතුරට භාජනය වී තිබෙනවා.
එහිදී බස් රථයේ ගමන්ගත් රිය සහයකගේ එක් පාදයකට පමණක් බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධක මහතා ඇතුළු පොලිස් නිළධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.