Business is booming.

පියල් නිශාන්ත මහතාටත් කොවිඩ් වයිරසය ආසාදනය වේ

0 76

 

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ මහතාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී තිබේ.

පියල් නිශාන්ත මහතා ධම්මික මහතා විසින් ලබාදුන් කොරෝනා නසන බව කියන පැනියද පසුගියදා පාර්ලිමේන්තුවේදී පානය කරනු දක්නට ලැබුණා.

Comments
Loading...