Business is booming.

පාසැල් දැරියක් අපයෝජනයට ලක්කළ තරුණයකු අත්අඩංගුවට

නාවුල - ඉන්දික අරුණ කුමාර

0 291

වයස අවුරැදු 14 ක පාසල් දැරියක් අපයෝජනයට ලක්කල විසි හැවිරිදි විවාහක තරැණයෙකු ඊයේ (10)අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව අනිද්දා (13) දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා නියෝග කර ඇත.

නාඋල – පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ පාලු නිවසක දැරිය සමග සිටිය දී නාඋල පොලිස්ථානාධිපතිතුමන් වෙත ලැබූ  නිර්ණාමික දුරකතන ඇමතුමකට අනුව ස්ථානාධිපති වරයා විසින්ම සිදුකළ සොදිසි මෙහෙයුමක දී  මෙලෙස සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

පාළු නිවසේ රැදී සිටි පාසල් දැරිය උපකාරක පංති යෑම සදහා නිවසින් පිටත්වී ඇති බවත් පසුව සැකකාර තරැණයා සමග පාලු නිවසේ සිටිය දි අත්අඩංගුවට ගත් බවත් පොලිසිය තවදුරටත් කියයි.

එම ස්ථානයේ දී සිදුකළ ප්‍රශ්න කිරීම් වල දී අපහරණයක් සිදුව නොමැති බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇති නමුත් පසුව නාඋල පොලිසිය මගින් දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත දැරිය ඉදිරිපත් කිරිමෙන් පසු ඇය අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණය වු බව පොලිසිය කියයි.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව  සිදුකළ ප්‍රශ්න කිරීම් වල දී දැරි සිදුකල පාපොච්චාරනයක දී ඇය අපහරණයකට ලක්වු බව සදහන් කළ බව නාඋල පොලිසියේ ළමා හා කාන්තා කාර්්‍යංශ ය කියා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වති.

Comments
Loading...