Business is booming.

පාසල් සිසුවකුගේ වම් අත කපා ඉවතට

සැකකරුගේ නිවසට ප්‍රහාරයක්

0 183

පෞද්ගලික ආරවුලක් වෙනුවෙන් සිදු වී බහින් බස් වීමක් හේතුවෙන් පුද්ගලයකු විසින් සිසුවකුට පහර දිමෙන් අනතුරුව වම් අත කපා ඉවත් කර ඇති බව හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායෙන් වාර්තා වේ. 

මෙලෙස තුවාල ලැබූ සිසුවා අවුරුදු 18ක් වන හැටන් ප්‍රදේශයේ දමිළ පාසලක ඉගෙනුම ලබන අයෙකි. ඊයේ රාත්‍රී 10ට පමණ සිසුවාට පහර දී මෙලෙස ඔහුගේ වම් අත කපා ඉවත් කරන්නට යෙදුනි. 

බරපතල ලෙස තුවාල ලැබූ සිසුවා දික්ඔය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙහිදී තුවාල සිදු කරනු ලැබූ සැකකරුගේ නිවසට අද උදෑසන (14) වතු කම්කරුවන් කිහිපදෙනෙකු විසින් හානි සිදු කර ඇති බවටද පොලීසිය තොරතුරු වාර්තා කරයි. 

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලීසිය මඟින් සිදු කරයි.

Comments
Loading...