හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව මහරගම,බොරලැස්ගමුව,කොට්ටාව, පන්නිපිටිය ,රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට හෙට (13) පෙරවරු 08 සිට පසුදින පෙරවරු 05 දක්වා පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
ජල කප්පාදුව හේතුවෙන් අවශ්‍ය ජලය කල්තබා රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.