Business is booming.

පලෙයි ප්‍රදේශයේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට

මාදව කුලසූරිය - වවුනියාව

0 117

යාපනය පලෙයි ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

යුධ හමුදා ට්‍රක් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

එම පුද්ගලයින් අනතුර සිදු වූ ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් යුධ හමුදා ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 

Comments
Loading...