වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්රදේශයේදීනීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්රා 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.