පුත්තලම පොලිස් බල ප්රදේශයට මුල්ලිපුරම් ප්රදේශයේ සිදුකරනු ලැබූ වැටලීමකදී නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මවක් සහ දියණියක් පොලීසිය විසින් අත් අඩංගුයට ගනු ලැබූ බව කියයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර මව සහ දියණිය වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙසස මෙම නීති විරෝධි හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති බවත්, මීට පෙර පුත්තලම පොලීසිය මඟින් ඇයව නීති විරෝධි හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීම සිදු කළ ඇති බවත් සඳහන් වේ.
මොවුන් සන්ථකයේ තිබී නීති විරෝධි හෙරොයින් ග්රෑම් 3ට ආසන්න ප්රමාණයක් සොයා ගැනේ.
අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 40 සහ දියණිය වයස අවුරුදු 18 වියේ පසු බව කියයි.
අදාළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර මොවුන් සඟවා සිටි හෙරෝන් තොගය වෛද්යවරුයෙකු ආධාරයෙන් ලබා ගත් බව පොලීසියේ උසස් නිළධාරියෙකු පවසන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.