පේරාදෙණිය නගරයේ සිට ගන්නොරුව හරහා ගැටබේ දක්වා මග දෙපස පිටස්තරයින් පැමිණෙන බස් ඇතුළු වාහන ගාල් කිරීම සහ එම වාහන තුල විවිදාකාර අපචාර සිදුවන බවත් එමෙන්ම එම වාහන වලින් පැමිණෙන පුද්ගලයින් පරිසරයට අපද්‍රව්‍ය එක් කරන බවත් ප්‍රදේශවාසීන් කියා සිටිී.
ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ වහාම මෙම නීති විරෝධී රථගාල ඉවත්කරදෙන ලෙසටයි.
පසුගියදා (13/03/2019) යටිනුවර පුරවැසි අයිතීන් සුරැකීමේ සංවිදානය විසින් පැවැත්වූ මෙම විරෝධතාවය සදහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
එම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයටද අවහිර සිදුවූ ආකාරය දැකගත හැකි විය.