මහනුවර රනවන ප්රදේශයේ දී නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු මහනුවර දූෂණ මර්ධන අංශය අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර කොට්ටඨාෂ දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබේ.
එහිදී බලපත්ර නොමැති ගිණි අවියක් හා ජීව උණ්ඩ පහක් පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම ගිණි අවි කිසියම් කඩාකප්පල්කාරි කටයුත්තකට යොදා ගැනීම සඳහා සැකකරු ලග තබා ගෙන ඇත්ද යන්න පිළිබඳ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.