Business is booming.

නාවලපිටිය දඹගල ප්‍රදේශවාසින් උද්ඝෝෂනයක මාර්ගයේ ගමනා ගමනයට බාධා

0 296

නාවලපිටිය දඹගල ප්‍රදේශවාසින් නාවලපිටිය ආස්වැව හරහා දඹගල නුවරඑලිය සහ ගම්පොල දක්වා වු ප්‍රධාන මාර්ගය දඹගල ප්‍රදේශයෙන් ඊයේ (25) උදැසන 10 සිට පස්වරු 7 දක්වා අවහිර කරමින් උද්ඝෝෂනයක් සිදු කරයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 8 සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයෙන් කිසියම් පිරිසක් ඉවතලන කැලි කසල සහ ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ද්‍රව්‍යය ප්‍රධාන මාර්ගයට ඉතා සුක්ෂම ලෙස ගෙනවිත් දැමිම හේතුවෙන් දැඩි පිඩාවට පත් වි සිටින බව පවසමින් මෙලෙස  උද්ඝෝෂනයක නිරත වී ඇත.

එම ප්‍රධාන මාර්ගයට ගස්වල අතු කපා දමා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකයන් කියා සිටියේ තම ගම්මානයේ පවුල් 40 පමණ ජිවත්වන  බවත්, තමන් ගමට පිවිසෙන මාර්ගයේ මෙසේ කැලි කසල සහ ගොඩනැගිලි අපද්‍රව්‍යය ගෙනවිත් බැහැර කිරිම හේතුවෙන් තමන් පිඩා රැසකට මැදි වි සිටින බවයි.

පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා උද්ඝෝෂකයින් සමග ඊයේ පස්වරුවේ සාකච්ඡා කර ප්‍රධාන මාර්ගයේ බැහර කර ඇති කැලි කසල ඉවත් කර ගැනිමටත් කැලි කසල බැහැර කරන අයට එරෙහිව නිතිමය පියවර ගැනිමටත් කටයුතු කිරිමට වු පොරෙන්දුවක් මත අවහිර කර තිබු  ප්‍රධාන මාර්ගය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කර උද්ඝෝෂනය අත්හරිනු ලැබුවා.        

Comments
Loading...