නව වසරට සෙත් පතා නාඋල – වෑකන්දේයාය තරුණ කැළ සංවිධාන කරන එළිමහන් ගිහි පිරිත් දේශනය අද (31 ) රාත්‍රියේ දී වෑකන්දේයාය ගම මැද දී පැවැත්වීමට නියමිතයි.
ගම මැද ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඉදිකරනු ලන දර්ශනීය පිරිත් මණ්ඩප්පයක සිට ප්‍රදේශයේ වැඩිහිට පිරිස් පිරිත් දේශනය සිදු කිරීමට නියමිත බවයි රටවටා නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
ඉන් අනතුරුව පසුදින හීල් දානය පිරිනැමීමට ද කටයුතු යොදා තිබෙනවා.
මීට අමතරව පාරම්පරික ජන සිරිත්වලට අනුව වාර්ෂිකව සිදුකරනු ලබන කිරි ඉතුරුම් මංගල්‍ය පසුදා (01) සිදුකිරීමට නියමිත බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.