Business is booming.

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා

0 171

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා මානුෂීය මෙහෙයුමේදී කැපී පෙනෙන චරිතයක් බවට පත් විය.

58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ශවේන්ද්‍ර සිල්වා මහතා වීරවික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් පිදුම් ලබා තිබෙනවා.

1984 වසරේ මාර්තු මස 05 වනදා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරී නිලයට පත්වූවා.

2010 – 2015 අතර කාලය තුළ රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙස සේවය කරනු ලැබුවා.

Comments
Loading...