නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි
නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු හා නව නියෝජ්‍ය අමාතයවරයෙකු දිවුරුම් දෙයි.
අද (11) පෙරවරුවේ කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියොජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
කැබිනට් නොවන අමාත්‍යවරු
රවීන්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය
වී. රාධක්රිෂ්කන් මහතා – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය
නියොජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මේ අතර දයා ගමගේ මහතාට ලැබී තිබූ අමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වී ඇති අතර එතුමාට හිමි වී ඇති නව අමාත්‍ය ධූරය වනුයේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධූරයයි.