නව අමාත්‍ය මණ්ඩලය හෙට(20) උදෑසන දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) සවස පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ ප්‍රකාශ කළ බව එම රැස්වීමට සහභාගිවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරු 35 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් එහෙත් මෙතෙක් ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට ලැබී නොමැති බවත් වාර්තා වනවා.
එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ලේක්හවුස් ආයතනය ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පවරා ගැනීමට නියමිත බවටද වාර්තා වනවා. එසේම නිදහස් පක්ෂයෙන් අණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් වෙත අමාත්‍යධුර ලබානොදෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.