පසුගියදා ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන් බවයි. බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා මෙලෙස නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා පත් කර තිබෙනවා. සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා පත් කර තිබෙන්නේ මධ්‍යම පළාත් නව ආණඩුකාරවරයා ලෙසයි. සරත් ඒකනායක මහතා උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා.
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසද පත් කර තිබෙනවා.