Business is booming.

නදීමාල් පෙරේරා මුදා හැරේ

0 270

පෙර දිනයකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරමින් පොලිස් පරීක්‍ෂණ ඉදිරියට ගෙන ඩුබායි අධිකරණය ඊයේ(10) අවසර දී තිබේ.

එලෙස අවසර ලබා දී ඇත්ඩුතේ ඩුබායි පොලිසි කළ ඉල්ලීමට අනුවය.

එදින අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකුගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය අන්තර්ගත බව, පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

ඒ බව,අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම පිරිස තවදුරටත් රඳවා ගැනීමට නියෝග නිකුත් කෙරුණේය.

මාකඳුරේ මධූෂ්ට අමතරව කංචිපාන ඉම්රාන් හා කෙසෙල්වත්තේ දිනුක යන අපරාධ කල්ලි සාමාජිකයන් ද රඳවාගනු ලැබූ පිරිස අතර වේ.

එදින අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය  ශරීරගත වී නොමැති 8 දෙනෙකු මුදා හැරීමට පොලිසිය පියවර ගත්තේය.

ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ද ඒ අතර සිටින බව වාර්තාවේ.

සැකකරුවන් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, නිල නොවන වාර්තා සඳහන් කරයි.

Comments
Loading...