සියඹලාන්ඩුව පහේ කණුව ප්රදේශයේ දරුවෙකු මාස ගණනක් තිස්සේ දුම්වැටියකින් පුළුස්සා වද දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙයි
දරුවාගේ වයස අවුරුදු එකයි මාස දහයක් පමණ වන බවට තොරතුරු හෙළිව ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් කටයුතු කරන අතරතුර ඔහු ප්රදේශයෙන් පලා ගොස් තිබේ.
අනතුරුව සැකකාර පුද්ගලයාගේ දුරකථන අංකය ඔස්සේ උපක්රමශිලිව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
ඔහු මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සියඹලාන්ඩුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස විසි තුන් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.