කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බොරලැස්ස දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.
එම පුද්ගල මල සිරුර බොරලැස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ තිබිය දී ඊයේ අලුයම සොයා ගෙන තිබේ.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා දුම්රියෙන් බැසීමට යාමේ දී අනතුර සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන වෙන්නප්පුව පොලිසිය විසින් සිදු කිරීමට නියමිතය.