කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවල අද උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව ප්‍රකාශ කරයි.
මෙම තත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 11ක් වෙත කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල ජනතාව වැඩි ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳි සිටීම හා අධික වෙහෙසකාරී ක්‍රියාවලින් ඉවත්ව සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර මේ දිනවල පුත්තලම ප්‍රදේශයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් ද අනුරාධපුරය, යාපනය, කටුගස්තොට හා කුරුණෑගල ප්‍රදේශවල දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ද ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බදුල්ල, ගාල්ල, මහ ඉලුප්පල්ලම, මන්නාරම, ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල දිවා කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ සෙල්සියස් අංශක 2කින් බව ප්‍රකාශ කරන එම දෙපාර්තමේන්තුව බදුල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.