දිවියකුගේ පහර කෑමකට ලක්වූ භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශයක ගසක් යට භාවනායෝගීව සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. භික්ෂුන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානය එම කැලෑවේ පිහිටා තිබෙන අතර දිවියන් නිරන්තරයෙන් ගැවසෙන නිසා වනාන්තරය තුළට යාමෙන් වළකින ලෙසට වනජීවි නිලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.