Business is booming.

දියලුම ඇල්ලේදී සෙල්ෆියක් ගන්න ගිය තරුණයෙක් ඇල්ලේ වළකට ඇද වැටී අතුරුදන් වෙයි

ජයන්ත වීරසේකර – වැල්ලවාය

0 227

කොස්ලන්ද දියලුම ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේදී තරුණයෙක් ඇල්ලේ වලකට ඇද වැටීමෙන් අතුරුදන් වී තිබෙනවා.

මෙම තරුණයා විදෙස් සංචාරකයන් පිරිසක් සමග දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර එහිදී උඩ දියලුමේ ජම්පින් වළ අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සූදානම් ව තිබෙනවා.

එම අවස්ථාවෙදී ඔහු දිය ඇල්ලෙන් පහළ කොටසේ වළකට ඇද වැටී ඇති අතර ඔහුගේ සිරුර මේ වන තෙක් සොයාගෙන නොමැත.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ කැටවල පතන, පස්සර පාර ඇල්ල ලිපිනයේ පදිංචි ගයාන් වීරසිංහ නමැති 29 හැවිරිදි තරුණයෙක් බවයි කොස්ලන්ද පොලිසිය පවසන්නේ.

මළ සිරුර සොයා කොස්ලන්ද පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

Comments
Loading...