තමාගේම අවුරුදු 13යි මාස 8ක් වයසැති දියණියට මත් ද්‍රාවණයක් පොවා ඇය දූෂණය කළ බවට සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
අද (01) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි පියා දැරියගේම පියා බව හපුතලේ පොලිසිය පවසයි .
පාසැලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට වමනය ගතියක් ඇතිවීමෙන් පසු පාසැලේ ගුරුතුමිය කළ විමසීමේදි මෙම සිද්ධිය මුල්වරට අනාවරණය කර ඇතැයි පොලිසිය සදහන් කරයි .
මව මල්ගොවිපලක වැඩට ගිය අවස්ථාවේ කුලී වැඩ රැකියාව ලෙස කරන සැකකරු සිය නිවසේදීම මෙම දැරිය ට මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය
හපුතලේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි