මධ්‍යම කඳුකරයේ තේ වගාව පිහිටි ප්‍රදේශ වලට මාස කිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග තේ වගාව වියළී යාම හේතුවෙන් අමු තේ දළු පළදාව පහළ බැසිමෙන් වතු කම්කරු ප්‍රජාවෝ දැඩි අපහසුතායකට පත්ව සිටි.
තම දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මාසයකට වැඩි කාලයක් අසාර්ථක වැඩ වර්ජණයක නිරත වූ බව පවසන මෙම වතු කම්කරුවෝ එ් හේතුවෙන් තමන්ට වැටුප් අහිමිවිම නිසා මේ වන විට තමන් ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත් පවසයි.
කඳුකරයට පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් තේ ගස් වියලී ගොස් අමු තේ දළු පළදාව සිඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව වතු පාලනාධිකාරය පවසයි.