පාලමක් මතින් කාන්තාවක් ඇළට වැටී තිදරු මවක් මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.
නාවලපිිටිය පොලිස් වසමට අයත් හරංගල පදිංචි මල්දෙණියේ බිසෝමැණීකේ නැමැති 78 හැවිරිදි කාන්තාවකි.
මරණයට පත් කාන්තාව නිවසේ නොමැති බව දැනගත් ඇයගේ පුත්රයා විසින් ප්රදේශවාසීන් සමඟ කළ සොයා බැලීමකදී උලුමංකඩ ඇලේ වැටී මියගොස් ඇති බව දැකගත් පසු පොලීසියට පැමිණිලිකර ඇත.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ නාවලපිටිය පොලීසිය පවත්වයි.