කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසලදී ඊයේ (21) සවස පදිකයෙක් ටිපර් රථයක ගැටී මිය යයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල ප්රදේශයේ නැවතී සේවය කරන ලිඳුල ප්රදේශයේ පදිංචි වාසුදේව නිත්යරාජ් නැමැති අයෙකි.
අනතුරට පත් වු පුද්ගලයා අධික බීමතින් සිටි බවත් පදික මාර්ගයේ ගමන් කරමින් සිටින විට වාරු නැතිව මාර්ගය දෙසට ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණ වලදී හෙලිව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වෙන්නප්පුව පොලීසිය විසින් සිදු කරයි.