Business is booming.

ට්‍රම්ප් සහ මෙලානියා හදිසියේම ඉරාකයට

0 328

අමෙරිකන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් පෙර දැනුම්දීමකින් තොරව ඉරාකයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සංචාරයේදී ඉරාකයේ රඳවා සිටින අමෙරිකන් සොල්දාදුවන් හමුවී තොරතුරු විමසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

එහිදී  බැග්ඩෑඩ් නුවර අල් අසාද් ගුවන් තොටුපල වෙත තම නිල ගුවන් යානය ගොඩබෑමෙන් අනතුරුව කඳවුර් ආපන ශාලාවේදී සොල්දාදුවන් හමවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ ට්‍රම්ප් සහ මෙලානියා යුවල මෙම කලාපයට සංචාරයට පැමිණි පළමු අවස්ථාවද මෙය වනවා. 

එහිදී සොල්දාදුවන් සමඟ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ද මොවුන් අමතක නොකළාහ.

මේ වන විට ඉරාකය ඇමෙරිකන් සොල්දදුවන් 5.000ක් ප්‍රමාණයක් රැදී සිටින අතර ඔවුන් කඩිනමින් ආපසු ගෙන්වා ගන්නා බව ට්‍රම්ප් පවසා සිටියේ මීට සතියකට පෙරදීයි.

Comments
Loading...