කොළඹ, ජම්පටාවීදිය සෙල්විගේ වත්ත ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.
වෙඩි වැදීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් කොළඹ වෙරළබඩ පොලිසිය ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා.