ගෝවා මහා අමාත්‍ය මනෝහර් පරික්කාර් මහතා මිය යයි.
මියයන විට 63 වැනි වියේ පසුවු අතර ඔහු මියගොස් ඇති පුවත ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ට්විටර් ඔස්සේද දැනුම් දී තිබිණ.
ඔහු මෙලෙස මියගොස් ඇත්තේ උග්‍ර පිළිකා රෝගයකින් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ පීඩා විඳීමින් සිටියදීයි.
ඔහු ඉන්දියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයකු ද වේ.
මහජන සේවයට කැපවූ මනෝහාර් පරික්කාර් ,ගෝවා ජනතාවට සහ ඉන්දියාවට කළ සේවය කිසිදින අමතක නොවනු ඇති බව ජනාධීපතිවරා විසින් ප්‍රකාශ කර තිබුණි.
මනෝහර් පරික්කාර්ගේ අවමංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මේ හේතුවෙන් ඉන්දීය මධ්‍යම රජය අද දින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර ගෝවා ප්‍රාන්තයේ පාසල් සහ උසස් විද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් වේ.