Business is booming.

ගුවනින් මහනුවරට

උපුටා ගැනීමකි - ඉන්ද්‍රාණි තෝරදෙණිය..

0 222

හදිසි අනතුරකින් 'මොළය' මියගිය 38 හැවිරිදි පුද්ගලයකුගේ 'අක්මාවක්' රත්නපුර මහ රෝහලේ සිට 'ගුවන් මඟින්' ඊයේ (08 වනදා) පෙරවරුවේ මහනුවර මහරෝහලට රැගෙන විත්, නුවරඑළිය ප්‍රදේශයේ 48 හැවිරිදි පුද්ගලයකුට සාර්ථකව 'බද්ධ' කිරීම සිදුවූ බව වාර්තා වේ. 

මෙවැනි අවයව ගුවන් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට, 
+වකුගඩු රෝග පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය, 
+සෞඛ්‍ය අමාත්‍යාංශය සහ 
+ගුවන් හමුදාව එක්ව දැනට මසකට පමණ පෙර ගිවිසුමකට එළඹිනි..එම ගිවිසුමෙන් පසු, මහනුවර මහ රෝහලට අවයවයක් ගුවනින් රැගෙන ආ 'ප්‍රථම' අවස්ථාව මෙය වේ.

මේ අවයවයක් රත්නපුර සිට ගුවන් මඟින් මහනුවරට රැගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් වැය කෙරෙන අතර, අක්මාවක් විදේශ රටකදී බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වැය වන නමුදු, 'රජයේ රෝහලේ' මේ සියලු කටයුතු 'නොමිලේ' සිදු කරනු ලැබීම විශේෂත්වයකි.

රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්, මොළය මිය යෑමට ලක්ව සිටි 38 හැවිරිදි තරුණයකුගේ අවයව පරිත්‍යාග කිරීම සඳහා ඥාතීන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව, මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මඟින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධාන කෙරිණි..
පෙරේදා (07 වනදා) මධ්‍යම රාත්‍රියේ රත්නපුර රෝහලට ගිය වෛද්‍ය කණ්ඩායම, අක්මාව ඉවත් කිරීමේ සැත්කම සිදු කළ අතර, ඊයේ(8 වනදා) පාන්දර වන විට, ගුවන් මඟින් මහනුවර මහ රෝහලට අක්මාව සහ වකුගඩු රැගෙන ඒම සිදු කෙරිණි..

මහනුවරට රැගෙන ආ අක්මාව මහනුවර මහ රෝහලේදීත්, වකුගඩු දෙක පේරාදෙණිය සහ කොළඹ ජාතික රෝහලේදීත්, රෝගීන් තිදෙනකුට සාර්ථකව බද්ධ කෙරිණි.දෙමසක් වැනි කාලයක් තුළ රත්නපුර මහ රෝහලෙන් අක්මාව ඇතුළු අවයව රැගෙන ආ තුන්වැනි අවස්ථාව මෙය වේ.

මාස තුන හතරක කාලයක් තුළ මහනුවර මහ රෝහලේ සිදු කරනු ලැබූ හතර වැනි සාර්ථක අක්මා බද්ධයයි..

ඡායාරූප – රුවන් මීගම්මන

Comments
Loading...