Business is booming.

ගුරු වැඩවර්ජනය

වැල්ලවාය - ජයන්ත වීරසේකර

0 199

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් මල්වත්තාවල ජාතික පාසලේ ගුරුවරුන් විසින් ඊයේ දින සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊට අමතරව ඊයේ දහවල් එම ගුරුවරුන් විසින් පාසලේ සිට විරෝධතා පා ගමනකින් වැල්ලවාය නගරය වෙත පැමින දැවැන්ත උද්ඝෝෂණයකද නිරත වූ බව වාර්තා වේ.

පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු විසින් ගණිතය විෂය උගන්වන ගුරුවරියකට බැන තර්ජනය කිරීමක් මෙම වැඩවර්ජනයට හේතු වී ඇති බව ගුරුවරුන් පවසති.

අදාල පුද්ගලයාට මේ වන තෙක් කිසිදු නීතිමය කටයුත්තක් සිදු නොවීම නිසා මෙම වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව ගුරුවරුන් පවසා සිටී.

 

Comments
Loading...