Business is booming.

ගින්නකින් මන්නාරමේ වෙළඳ සැළක් විනාශවෙයි

වවුනියාව - මාධව කුලසූරිය

0 243

මන්නාරම,නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක ඊයේ(12) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් වෙළඳ සැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වි ගොස් ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

ඊයේ(12) රාත්‍රි 8.00 ට පමණ ගින්න හටගෙන තිබු අතර,ගින්න හේතුවෙන් වෙළඳ සැළ ලක්ෂ ගණනාවක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ වි ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. 

ගින්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් නිළධාරීන් වෙත දැනුම්දීමෙන් අනතුරුව ප්‍රදේශයේ පොලිස් නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන්,මන්නාරම නගර සභා නිළධාරීන්,නාවික හමුදා නිළධාරීන් පැමිණ ගින්න නගරයේ අනෙක් ව්‍යාපාර ස්ථාන වෙත පැතිරයාම වැළැක්වීමට කටයුතු කළ බවද පොලිසිය තවදුරටත් පවසයි.

මේ වන විට මන්නාරම ප්‍රදේශයේ ගිනි නිවන ඒකකය නොමැති බැවින් වවුනියාව නගර සභා ගිනි නිවීම් ඒකකය වෙත දැනුම්දීමෙන් අනතුරුව වවුනියාව ගිනි නිවිම් ඒකකය රාත්‍රි 10.30 ට පමණ පැමිණ ගින්න නිවා දැමු බවයි. 

ගින්න හේතුවෙන් සිදුවු විනාශය මෙතෙක් තක්සේරු කොට නොමැති අතර අද(13) ගින්නෙන් විනාශ වු දේපළ සම්බන්ධයෙන් තක්සේරු කරන බවද පොලිසිය පැවසූහ.

Comments
Loading...