Business is booming.

ගායන ශිල්පී අමල්ගේ නිවසින් හිස් කොකේන් කොපු දෙකක්

රංගන ශිල්පී රයන්ගේ සොහොයුරාත් අත්අඩංගුවට

0 280

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස සමග අත්අඩංගුවට පත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. 

අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කොකේන් හිස් කොපු දෙක සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි ආරක්ෂක අංශ පවසන්නේ. 

එහිදී ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර එහිදීම අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිටිහි නිවසද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. 

එහිදී එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇති අතර රයන් වෑන් රෝයන්ගේ සොහොයුරා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


 

Comments
Loading...