වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් ඇතිලිවැව ප්රදේශයේ සිදු කල වැටලීමකදී වියලි ගංජා ග්රෑම් හයසිය පනහක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මහයාය ඇතිලිවැව වැල්ලවාය ලිපිනයේ පදිංචි තිස් හය හැවිරිදි අයෙක් වන අතර සැකකරු ප්රදේශයේ ගංජා ජාවාරම් වලද නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු මෙම ගංජා ප්රදේශයේ තරුණයන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කර ඇති අතර සැකකරු දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු සහ ගංජා තොගය අද(7) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.