Business is booming.

කෝටි 700ක දියමන්තිය හමුවෙයි

0 282

පසුගිය දිනක පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ සොයාගත් බව පොලීසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී මෙලෙස දියමන්තිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබුණු එය සිදු කළ ගෝලයකු සතුව තිබී මෙය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ද දියමන්තිය සමග පොලිස් භාරයට ගෙන තිබේ.

මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත මෙම නිල් දියමන්තිය සොයාගෙන ඇත.

තෙසේ වෙතත් සොයාගන්නා ලද මෙම නිල් දියමන්තිය මීට පෙර මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැරගන්නා ලද නිල් දියමන්තියම ද යන්න තහවුරු කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Comments
Loading...