කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් ලංකාවට පැමිණෙයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද දින උදෑසන 6.15ට (2019-03-11) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඹඛ 230 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙලෙස දිවයිනට පැමිණියහ.
විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරකෂා නිවාසයට පැමිණීමෙන් පසුව මෙලෙස මෙරටට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.
එසේ පැමිණි ශ්‍රමිකයින් අතුරින් ශ්‍රමිකයින් 13 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදී තිබේ.