Business is booming.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපතිට වෙඩි තැබීමේ සැකකරුවන් යළි රක්‍ෂිත බන්ධනාගාරයට

0 114

පසුගිය වසරේ ජූනි 12 වනදා රාත්‍රී කාලයේදී කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා එළඹෙන 16 වනදා දක්වා යලි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර මහත්මියට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඔවුන්ව මෙලෙස බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්‍ෂක වාර්තාවක් සහ ඩී.එන්.ඒ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළා. 

Comments
Loading...