Business is booming.

කන්ද උඩරට සුපිරිසිදු මෙහෙවර

0 412

නිකසල රටක් – සුන්දර උඩරටක් තේමාව යටතේ සිංහලේ මුදුන් මල්කඩ වූ මහනුවර පුරවරය කසලෙන් බැහැර කිරීම වෙනුවෙන් අද (20) හිමිදිරි උදෑසන මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇරඹි ගමන් මග බහිරවකන්ද හා නුවර නගරය ආශ්‍රිත ස්ථාන කිහිපයකදී පැවැත්වුනි.

ලොකු කුඩා වයස් සීමාවකින් තොරව උස් පහත් තරාතිරම් කිසිදු බේදයක් නොමැතිව පැවැත්වූ මේ සඳහා විශාල පිරිසක් සහභාගි වී තිබූ අයුරු දැකගත හැකි විය.

මහනුවර හා තදාසන්න නගර ආසන්නව මෙන්ම දුර බැහැරින් මේ සත් කාර්ය වෙනුවෙන් පැමිණි පිරිස පිරිසිදු කිරීම් කටයුතු සිදු කිරීම් වල යෙදී සිටි අතර මෙය හිතට දැනෙන මනුස්සකම සංවිධානයේ සහයෝගීතාවය ඇතිව නිකසළ රටක් සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූවකි. 

මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙනු ලැබුවේ මහනුවර නගරය මුල් කර ගමින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි රටවටා පුවත් පුවත් පත සහ රටවටා නිව්ස් වෙබ් අඩවියයි. එසේම මෙහි සවිස්තරාත්මක විස්තරයක් රටවටා පුවත් එළැඹෙන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
 

             

 

Comments
Loading...