Business is booming.

එජාපයේ සන්ධානයකට සහය නොදෙන බව සුමන්තිරන් කියයි 

0 126

එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගිමට නියමිත නව සන්ධානය සඳහා තම  පක්ෂය සහය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසනවා.

ඔහු පවසන්නේ තම පක්ෂය ආණ්ඩුවට සහය දක්වන්නේ  වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති  හේතුවෙන් නොවන බවයි.

එක්සත් වාමාංශික පෙරමණ කොළඹදී පැවැත්වූ උත්සවයකට එක්වෙමින් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

අපෙන් ඇහුවා එක්සත් ජාතික පෙරමුණ සන්ධානයක් හදනවා… ඔයගොල්ලන් ඒකට එකතු වෙනවද කියලා… අපෙන් ඇහුවා. මම කිව්වා නෑ… අපි ඒ වගේ සන්ධානයකට එකතු වෙන්නේ නෑ කියලා… ඒකට හේතුව ආර්ථික වශයෙන් තියෙන අදහස්, අපේ අදහස්වලට හුඟක් වෙනස්… ඒ නිසා දැන් තියෙන ආණ්ඩුවට සහය දෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති නිසා නෙවෙයි වෙනත් හේතු නිසා.

Comments
Loading...