මොනරාගල ගොවිදුපුර පොලිස් බල ප්‍රදේශයට අයත් නව කනුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබු තිරෝද රථයක් තුලට ඊයේ දින උපත ලැබූ බිලිදෙක් දමා මව පලාගොස් තිබේ.
මෙම දරුවා ඊයේ උපත ලබා ඇති බවත් දරුවාගේ පෙකනි වැල පවා කපා නොතිබූ බව සිද්ධිය දුටුවන් පවසයි.
මෙම බිලිදා නිවස ඉදිරිපිට නවතා තිබූ තිරෝද රථය තුලට දමා එම නිවසේ වහලයට ගල් වලින් ගසා එම පිරිස පලාගොස් ඇති බව වාර්තා වේ.
පසුව නිවෙස් හිමියා ගල් ශබ්දය පිලිබඳව බැලීමට එලියට පැමින ඇති අතර එහිදී ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ තිරෝද රථයේ කුඩා දරුවෙකු අඩන ශබ්දයක් ඇසි තිරෝද රථය පරික්ෂා කර බැලීමේදී මෙම දරුවා හමු වී ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කරයි.
දරුවා පිරිමි දරුවෙකු බවත් දරුවා ඉතාමත්ම හොද සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් රෝහල් ප්‍රකාශිකාවක කියා සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගොවිදුපුර පොලිසිය සිදු කරයි.