Business is booming.

ඉන්දු – ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට

0 284

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 137ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් මෙල්බර්න්හි පැවැති තරගයේ පස්වන දිනය වූ අද දිනය සඳහා තරගය නියමිත කාලයට වඩා පැය කිහිපයක් ප්‍රමාද වී ආරම්භ කෙරුණා.

ඒ වන විට ලකුණු 399ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ටේ්‍රලියාව කඩුලූ 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 258ක්.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 261කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

මෙය ඉන්දියාව ජය ගත් 150 වන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

ඒ අනුව තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

 

Comments
Loading...